යේමනයේ තත්ත්වය උග්‍ර වීම වහා නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අදාළ සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි
2024-01-13 17:52:59
Share with:

යේමනයේ තත්ත්වය උග්‍ර වීම වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අදාළ විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඊයේ(12) ඇමරිකාව හා බ්‍රිතාන්‍යය යේමනයේ හවුති සන්නද්ධ බලවේගය ඉලක්ක කර ප්‍රහාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් මේ බව පැවසීය.

අදාළ විවිධ පාර්ශ්වයන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2722ක වගන්තියේ තීරණය අනුගමනය කොට යේමනයේ තත්වය උග්‍ර වීම වැළැක්විය යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

රතු මුහුදේ ජාත්‍යන්තර නැව්වලට එල්ල කරන ප්‍රහාර, ගෝලීය සැපයුම් දාමයේ ආරක්ෂාවට හානි වන අතර ගෝලීය ආර්ථිකයට සහ මානුෂීය තත්ත්වය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කරන බැවින් ඒවා "පිළිගත නොහැකි" යැයි ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා කියා සිටියේය.

ආරක්ෂක මණ්ඩලයේ 2722 තීරණයේ සඳහන් පරිදි, "එවැනි සියලු ප්‍රහාර වහා නතර කිරීම" යන්න හවුති සන්නද්ධ බලවේගයෙන් ඉල්ලා සිටින බව ගුටරෙස් මහතා යළි ප්‍රකාශ කළේය. හවුති සන්නද්ධ බලවේගය එම තීරණයට සම්පූර්ණයෙන්ම අනුකූල විය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

පලස්තීන-ඊශ්‍රායල් ගැටුම පැතිර යාමෙන් පසු, යේමනයේ හවුති සන්නද්ධ හමුදාව රතු මුහුදේ නැව් වෙත බොහො වරක් ඩ්‍රෝන හා මිසයිල භාවිත කරමින් ප්‍රහාර එල්ල කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම