චීන ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ නව සවියක්
2024-01-13 16:26:31
Share with:

‘අපනයන වර්ධන අපේක්ෂාව අබිභවා ගොස් තිබේ’‘ආනයනය පුරෝකථනයට වඩා ප්‍රශස්ත ලෙස සිදු කර ඇත’ යනුවෙන් විදෙස් මාධ්‍යයන් මේ දිනවල චීන විදේශ වෙළඳාම පිළිබඳව වාර්තා කළේ ය. ‘අපේක්ෂිත මට්ටම් ඉක්මවා යාම’ එහි කැපී පෙනෙන කරුණකි. චීන රේගු මහා පරිපාලනය ඊයේ(12) නිකුත් කළ දත්තවලට අනුව, 2023 වසරේ චීනයේ ආනයන හා අපනයනයේ සමස්ත වටිනාකම යුවාන් බිලියන 4.176ක් විය. 2022 වසරේ පැවති එම වටිනාකමට වඩා එය 0.2%ක වර්ධනයකි. වසර 7ක් අඛණ්ඩ ව භාණ්ඩ වෙළඳාම සඳහා චීනය ලෝකයේ පෙරමුණ ගැනීම ඉන් පෙන්නුම් කෙරේ.

අපනයනය දෙස බැලීමේදී, ලෝක වෙළඳ සංවිධානයේ පුරෝකථනයට අනුව, 2023 වසරේ චීනයේ අපනයනය සඳහා වූ ජාත්‍යන්තර වෙළඳපොළේ පරිමාව 14% ක පමණ ඉහළ මට්ටමක අඛණ්ඩ ව පවතිනු ඇත. නිෂ්පාදන කර්මාන්තයේ ගෝලීය විශාලතම රටක් ලෙස චීනය සිය ප්‍රතිලාභ මනා ලෙස පෙන්නුම් කර තිබේ. විශේෂයෙන් ම නෞකා, මෝටර් රථ කර්මාන්තය ලෝකයේ ඉහළ අවධානයකට ලක් වී ඇත. මෙහිදී ‘චීනයේ නිෂ්පාදන’  ‘චීනයේ නිර්මාණශීලී නිෂ්පාදන’බවට පරිවර්තනය වීම, ආනයන අපනයන ක්ෂේත්‍රයට ද  නව සවියක් ලබාදීම විශේෂත්වයකි.

ආනයනය පිළිබඳව සඳහන් කිරීමේදී 2023 වසරේ එහි ප්‍රමාණය 2.9%කින් වර්ධනය වී ඇත. බොර තෙල්, ස්වාභාවික ගෑස් ඇතුළු අමු ද්‍රව්‍ය සහ විශේෂ ආහාර, ඩිජිටල් ගෘහ උපකරණ මෙන් ම අන්තර්ජාල ඊ-වාණිජ්‍ය වැනි නවාකාර ක්‍රමයන් චීනයේ ඇති වීම මගින් ද චීන නිෂ්පාදතයේ අඛණ්ඩ ව ප්‍රකෘතිමත්වීම හා පාරිභෝගික ඉල්ලුම් ඉහල නැංවීම පිළිබිඹු කෙරේ. ගෙවී ගිය 2023 වසරේ, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය හා පළමු චීන ජාත්‍යන්තර සැපයුම් දාමය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රදර්ශනය ඇතුළු චීනයේ සත්කාරකත්වය දැරූ ‍අනේකවිධ ප්‍රදර්ශන ලොව පුරා ව්‍යවසායන් චීන වෙළඳපොළට පිවිසීමට මනා අවස්ථාවකි.

චීන ආර්ථිකය අඛණ්ඩ ව යථා තත්ත්වයට පත්වීම ආනයනය හා අපනයනය තහවුරු කෙරෙමින් පවතී. මෙය මත පදනම් ව අධි ගුණාත්මක විවෘතභාවයෙන් ගෙන දෙන නව අවස්ථා විදේශ වෙළඳ සහයෝගිතා තව දුරටත් පුළුල් කරනු නොඅනුමාන ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම