යේමනයේ හවුති සන්නද්ධයට එරෙහිව ඇමරිකා සහ බ්‍රිතාන්‍ය යුද මෙහෙයුමෙන් ප්‍රකාශිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි බව චීනය කියයි
2024-01-13 17:26:13
Share with:

රුසියාවේ ඉල්ලීම පරිදි, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (12) රතු මුහුදේ වත්මන් තත්ත්වය පිළිබඳව හදිසි රැස්වීමක් පැවැත්වීය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා ප්‍රකාශ කළේ යේමනයේ හවුති සන්නද්ධ ඉලක්කවලට එරෙහිව ඇමරිකා සහ බ්‍රිතාන්‍ය යුද මෙහෙයුම් දියත් කළද ඔවුන්ගේ ප්‍රකාශිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ බවයි.

මෑතකදී ජාත්‍යන්තර වෙළඳ පිළිවෙල කඩාකප්පල් කරමින් හවුති සන්නද්ධ හමුදා රතු මුහුදේ වාණිජ නැව්වලට නැවත නැවතත් ප්‍රහාර එල්ල කර අත්පත් කර ගත් බව චීනය පෙන්වා දුන්නේය. වෙළඳ නැව්වලට හිරිහැර කිරීම වහාම නතර කරන ලෙස චීනය හවුති කණ්ඩායමෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේය.

යේමනයට එරෙහිව අදාළ රටවල් විසින් ගෙන ඇති නිර්ලජ්ජිත හමුදා මෙහෙයුම් නිසා යටිතල පහසුකම් සහ සිවිල් වැසියන්ට හානි සිදු වූවා පමණක් නොව,රතු මුහුදේ ආරක්ෂක අවදානම් උග්‍ර කරවීම පිළිබඳව ද චීනය කණගාටුව පළ කරයි. එවැනි හමුදා මෙහෙයුම් මගින් ප්‍රකාශිත අරමුණු ඉටු කර ගත නොහැකි බව ද Zhang Jun මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම