චීන ඇමරිකානු ඉහළ නිලධාරීන් අතර හමුවක්
2024-01-13 18:41:26
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Liu Jianchao මහතා ඊයේ (12) වොෂින්ටනයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හමුවිය.

දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළ සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේදී ඇතිකරගත් වැදගත් එකඟතාව සහ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව ප්‍රවර්ධනය කරමින් සංවාදය සහ සහයෝගීතාව ශක්තිමත් කරන බව දෙපාර්ශ්වය ප්‍රකාශ කළහ. දෙරට එකම දිශාවකට ගමන් කළ යුතු බවත්, චීන-ඇමරිකා සබඳතාවල ස්ථාවර, නිසි සහ තිරසාර සංවර්ධනයක් ප්‍රවර්ධනය කළ යුතු බවත් Liu Jianchao මහතා අවධාරණය කළේය. ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු සම්බන්ධයෙන් ද ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම