විදුලි බිල හරහා උපරිම සහනය ජනතාවට ලබා දීමට සැලසුම්
2024-01-12 18:02:06
Share with:

ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද(12) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මේ වනවිට එහි සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ජනවාරි මාසයේදී විදුලි බිල අඩුකිරීම සඳහාවූ යෝජනා සම්බන්ධයෙන් වාර්තාව 10වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අදාළ වාර්තාව සකස් කර තිබේ. ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමේ වාසිය ජනතාවට ලබා දීමටත් ප්‍රධාන වාසිය අඩු ආදායම් ලබන ජනතාවට ලබා දීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම