චීන-කැනඩා විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්
2024-01-12 10:49:42
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා හා කැනඩා විදේශ අමාත්‍ය Mélanie Joly මහත්මිය දුරකථන සංවාදයක නිරත වෙති.

චීනය සහ කැනඩාව අතර පොදු ප්‍රතිලාභ හා අනුපූරක වාසි රැසක් පවතින බව වං යී මහතා ඊයේ (11) පැවති එම සංවාදයේදී පෙන්වා දුන්නේය. වර්තමානයේ දෙරටේ සබඳතාවයේදී මුහුණ දෙන දුෂ්කරතාව චීනයේ අපේක්ෂාවක් නොවන බවත් එයට චීන‍යේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවත්, කැනඩාව සමඟ සම්බන්ධතා හා සංවාද පවත්වා ගැනීමේ දී චීනය විවෘත ආකල්පයක සිටින බවත් ඔහු සඳහන් ‍කළේය. ද්විපාර්ශ්වික සබඳතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වං යී මහතා එම අවස්ථාවේදී උපදෙස් තුනක් ඉදිරිපත් කර ඇත. පළමුව, චීනය පිළිබඳ වැරදි අවබෝධයෙන් ඇති වූ ද්විපාර්ශ්වික සබඳතාවේ දුෂ්කරතාව මැඩපැවැත්වීම සඳහා කැනඩාව වෛෂයික, තාර්කික හා නිවැරදි ලෙස චීනයේ ප්‍රතිපත්ති අවබෝධය කර ගත යුතුය. දෙවැන්න, දෙරට එකිනෙකාට ගරු කළ යුතුය. තෙවැන්න, පොදු ප්‍රතිලාභ සඳහා දෙරටම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.

යහපත් හා ස්ථාවර ද්විපාර්ශ්වික සබඳතාවක් දෙරටේ හා දෙරටේ ජනතාවගේ මූලික ප්‍රතිලාභවලට ගැළපෙන බව Mélanie Joly මහත්මිය ද එහිදී පෙන්වා දුන්නාය. දෙරටේ සබඳතාව තුළ විවිධ දුෂ්කරතා මතු වුව ද, වඩා ප්‍රායෝගික ලෙස ද්විපාර්ශ්වික සබඳතාව නැවත නිවැරදි මාර්ගයට ගෙන ඒමට කැනඩාව කැමැත්තෙන් සිටින බව ද ඇය එහිදී අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම