අධි ගුණාත්මක විවෘතභාවය චීනය තව දුරටත් තහවුරු කරයි
2024-01-12 18:05:10
Share with:

අධි ගුණාත්මක විවෘතභාවය චීනය තව දුරටත් තහවුරු කිරීමට පියවර ගනී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවා ය.

2024 වසරේ තීරු බදු සැකසුම චීනය නිකුත් කර තිබේ. මේ පිළිබඳව Mao Ning මහත්මිය පැවසුවේ චීනය එම සැකසුම ක්‍රියාවට නැංවීම තුළින් මෙන් ම නිදහස් වෙළඳාම සක්‍රීය අයුරින් තහවුරු කිරීමෙන් චීනය සිය සංවර්ධනයෙන් හිමි කරගත් ප්‍රතිලාභ විවිධ රටවල් සමග බෙදා ගැනීමේ මනාපය පිළිබිඹු කෙරෙන බවයි. ලෝක වෙළඳ සංවිධානයට එක්වූ දා සිට තමා ලබා දුන් ප්‍රතිඥා චීනය සාක්ෂාත් කරගෙන තිබෙනවා පමණක් නොවෙයි. එම සැකසුමට අනුව මෙම වසරේ තීරු බදුවල සමස්ත මට්ටම 2023 වසරේ පැවති මට්ටමේ 7.3%ක අගය දක්වා ද අඩු කෙරේ. වෙළඳ ආරක්ෂණවාදය හා ඒකපාර්ශ්වවාදයෙන් සිදු වී ඇති අවදානම් හමුවේ අධි ගුණාත්මක විවෘතභාවය චීනය තව දුරටත් ස්ථිර ලෙස පුළුල් කරන බව ද Mao Ning මහත්මිය අවධාරණය කළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම