චීනයේ බෝ හයි මුහුදු තෙල් නිධියේ නිශ්පාදනය වාර්තාගත ලෙස ඉහළට
2024-01-12 10:21:15
Share with:

2023 වසරේ චීනයේ විශාලතම බොර තෙල් නිෂ්පාදන ස්ථානය වන බෝ හයි මුහුදු තෙල් නිධියේ තෙල් හා ගෑස් නිෂ්පාදනය ටොන් මිලියන 36.8ක් ඉක්මවා ගොස් ඇති බව චීන ජාතික මුහුදු තෙල් සමාගම ප්‍රකාශ ක‍රයි. ඒ අතරින් බොර තෙල් නිෂ්පාදනය ටොන් මිලියන 34ක් ඉක්මවා ගිය අතර ගෑස් නිෂ්පාදනය ඝන මීටර් බිලියන 3.5කට අධික ය. එය ඉතිහාසයේ ඉහළ ම අගය බව එම සමාගම අද (12) වාර්තා කළේය.

2023 වසරේ බෝ හයි මුහුදු තෙල් නිධියේ අලුතින් ස්ථාපිත තෙල් ළිං සංඛ්‍යාව 450කි. එය ඉතිහාසයේ ඉහළ ම ප්‍රමාණයයි. අලුත් තෙල් ළිං මගින් සිදු කෙරෙන  බොර තෙල් නිෂ්පාදනය ටොන් මිලියන 3.7කට අධිකය. එය සැලසුම් කළ ප්‍රමාණයට වඩා සියයට 20කින් ඉහළය. ඉන් තෙල් නිධියේ නිෂ්පාදනය ස්ථීර ලෙස වර්ධනය වීමේ පදනම සහතික කළ හැකි ය.

බෝ හයි මුහුදු තෙල් නිධියේ තෙල් හා ගෑස් නිධි 50ක් හා නිෂ්පාදන පහසුකම් 200ක් පමණ තිබේ. එය චීනයේ මුහුදු ප්‍රදේශයේ වැඩි ම නිෂ්පාදනය මෙන්ම විශාලතම පරිමාණය සහිත ප්‍රධාන තෙල් නිධිය ලෙසට සැලකේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම