චීන ජනපති හා බෙල්ජියම් අගමැති අතර හමුවක්
2024-01-12 16:28:27
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (12) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී  නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින බෙල්ජියම් අග්‍රාමාත්‍ය Alexander De Croo මහතා හමුවිය.

වසර 53කට පෙර චීනය සහ බෙල්ජියම අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව දෙරටටම ප්‍රතිලාභ අත්කර දෙමින් ඵලදායි ප්‍රතිඵල ලබා දී ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. බොහෝ අවස්ථාවලදී චීනය වෙන් කිරීමට එරෙහිව බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රසිද්ධ ප්‍රකාශ චීනය අගය කරන බව හෙතෙම පැවසීය. චීනයේ ආයෝජනය  කිරීමට බෙල්ජියම් සමාගම් සාදරයෙන් පිළිගන්නා බවත්, ඔවුන්ට හොඳ ව්‍යාපාරික පරිසරයක් ලබාදීමට තමන් කැමැත්තෙන් සිටින බවත්, බෙල්ජියම චීන සමාගම් සඳහා සාධාරණ, පාරදෘශ්‍ය හා වෙනස් කොට සැලකීම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ෂී ජින් පිං මහතා පැවසීය.

චීනය සෑම විටම යුරෝපය තම සහකරු ලෙස සලකන බවත් බහු ධ්‍රැව ලෝකයේ වැදගත් බලවේගයක් ලෙස යුරෝපය ධනාත්මක හා නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

නව වසරේ චීන-යුරෝපා සංගම් සබඳතාවල ස්ථාවරත්වය සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුරෝපය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. යුරෝපා සංගමයේ වාරික සභාපතිත්වය දරන බෙල්ජියම මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය.

බෙල්ජියම-චීන සබඳතාවලට දිගු ඉතිහාසයක් ඇති බවත්, බොහෝ පැතිවලින් යුරෝපා සංගම්-චීන සබඳතා ඉදිරියෙන්ම සිටින බවත් Alexander De Croo මහතා පැවසීය. බෙල්ජියම එකම චීනය යන ප්‍රතිපත්තියට දිගටම අනුගත වනු ඇත. බෙල්ජියම චීනය වෙන් කිරීමට විරුද්ධ වන අතර බෙල්ජියමේ සහයෝගයෙන් කටයුතු කිරීමට චීන සමාගම් සාදරයෙන් පිළිගනී. යුරෝපා සංගමයේ වාරික සභාපති රට ලෙස බෙල්ජියම යුරෝපා සංගම්-චීන සබඳතා වර්ධනය සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට කැමැත්තෙන් සිටින බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම