චීනය හා එක්සත් ජනපදය එක්ව දේශගුණික ක්‍රියාකාරී කණ්ඩායමක් අරඹයි
2024-01-12 18:55:58
Share with:

දේශගුණික ක්‍රියාකාරකම් නැංවීම පිළිබඳ චීන - ඇමරිකා ක්‍රියාකාරී කණ්ඩායම වීඩියෝ සබැඳියක් ඔස්සේ සිය කාර්යයන් අද (12) ආරම්භ කළේය. 

සැන් ෆ්රැන්සිස්කෝ හමුවේදී රාජ්‍ය නායකයින් දෙදෙනා අතර ඇති වූ එකඟතාව ක්‍රියාත්මක කිරීම සහ දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර වශයෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.

චීනයේ පරිසර අමාත්‍යාංශයට අනුව, දෙපාර්ශ්වයම ක්‍රියාකාරී කණ්ඩායමේ සාර්ථක ආරම්භය ගැන ඉතා ඉහළින් සාකච්ඡා කර තිබේ. බලශක්ති සංක්‍රාන්තිය, මීතේන්, ආර්ථික චක්‍රය සහ අඩු කාබන් ප්‍රදේශ වැනි ප්‍රධාන සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව එම කණ්ඩායම් ගැඹුරු සහ මිත්‍රශීලී සන්නිවේදනයක් පැවැත්වූහ. දේශගුණික අර්බුදය විසඳීම සඳහා සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳ සනීලන්ඩ්ස් ප්‍රකාශයේ දක්වා ඇති එකඟතාවයට අනුව ක්‍රියාකාරී කණ්ඩායම් යාන්ත්‍රණය යටතේ සමීප සන්නිවේදනය පවත්වා ගැනීමට, හුවමාරු කර ගැනීමට, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට සහ ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම