රතු මුහුද ප්‍රදේශයේ උග්‍ර වූ තත්ත්වය පිළිබඳව චීනයේ කණස්සල්ල
2024-01-12 17:58:33
Share with:

රතු මුහුද ප්‍රදේශයේ උග්‍ර වූ තත්ත්වය පිළිබඳව චීනයේ කණස්සල්ල පළවේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා ය.

වත්මන් රතු මුහුද ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වය හා යේමනයට එල්ල කර ඇති ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් සංවර ආකල්පයකින් පසු වන ලෙසත් එහි ගැටුම් තව දුරටත් උග්‍ර කිරීම වළක්වන ලෙසත් චීනය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම ප්‍රදේශයේ ආරක්ෂාව හා ස්ථාවරත්වය වෙනුවෙන් ඒ ඒ පාර්ශ්වයන්ට සිය වගකීම් හා යුතුකම් ඉටු කළ හැකි වෙතැයි චීනයේ අපේක්ෂාවයි. විවිධ පාර්ශ්වයන් සමග එක්ව එහි අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් ජාත්‍යන්තර යාත්‍රා ගමනේ ආරක්ෂාව තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් ක‍ළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම