පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක් චීන රජයෙන්
2024-01-12 18:00:35
Share with:

නව පාසල් වර්ෂය ආරම්භ වන පෙබරවාරි 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එම අවශ්‍යතාවෙන් 80%ක් දක්වා ලබා දීමට චීන රජය කටයුතු කර තිබේ.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ මෙරට චීන තානාපති ෂී ෂැං හොං මහතා විසින් එම ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය අමාත්‍යවරයාට ඊයේ(11) නිල වශයෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දුන් අවස්ථාවේ දීය.

මෙම ප්‍රදානයෙන් මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, මේ වන විට මෙරටට ලැබී ඇති අතර දෙවැනි තොගය පෙබරවාරි 04 වන දා වන විට ලැබී අවසන් වනු ඇත. සෑම සිසු දරුවකුට ම නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මකභාවයෙන් ඉහළ නිල ඇඳුම් ලබා දෙමින් සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීමේ අරමුණින් පළමු 80%ක ප්‍රදානය ලබා දෙන නිෂ්පාදකයාගෙන් ම ඉතිරි පාසල් නිල ඇඳුම් රෙදි 20%ක ප්‍රමාණය ද මිල දී ගැනීමට රජය කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

රට ආර්ථික වශයෙන් දුෂ්කර අවධියක පසු වන මෙවන් අවස්ථාවක පාසල් නිල ඇඳුම් ලබා දීමට වැය වන මුදලින් රුපියල් බිලියන පහක පමණ මුදලක් ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙන පරිදි ලබා දුන් මෙම ප්‍රදානයන් පිළිබඳව චීන රජය කෙරෙහි සිය කෘතවේදීත්වය පිරිනමන බව මෙරට චීන තානාපතිවරයා හමුවේ සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම