ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යේමනයේ හවුති සන්නද්ධ හමුදාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි
2024-01-12 10:26:35
Share with:

යේමනයේ වේලාවෙන් අද(12) අලුයම හවුති සන්නද්ධ හමුදා පාලනය යටතේ පවතින ස්ථාන රැසකට ඇමරිකාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. සනා සහ හොඩෙයිඩා අගනුවරට පිපිරීම් හඬ ඇසුනු බව ද වාර්තා වේ.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යේමනයේ හවුති සන්නද්ධ හමුදාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ආරම්භ කළ බව ඇමරිකාවේ නිලධාරියෙක් ද ඊයේ(11) ප්‍රකාශ කළේ ය.

පසුගිය වසරේ අගභාගයේදී හවුති සන්නද්ධ හමුදාව රතු මුහුදේ ජාත්‍යන්තර නැව් ගමනාගමනයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමෙන් පසු ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය හවුති සන්නද්ධ හමුදාවට එරෙහිව ප්‍රහාර දියත් කළ පළමු අවස්ථාව මෙයයි. හවුති සන්නද්ධ හමුදාවට එරෙහිව ඇමරිකාව දියත් කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන බවත්, අනාගතයේදී හවුති සන්නද්ධ හමුදාවේ ප්‍රතිප්‍රහාර වඩාත් ප්‍රචණ්ඩ වනු ඇති බව ද යේමනයේ හවුති සන්නද්ධ නායක Abdul Malik Houthi ඊයේ(11) සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම