ඇමරිකාව ආසියා-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පළුදු නොකළ යුතුයි
2024-01-12 19:09:10
Share with:

ඇමරිකාව ආසියා-පැසිෆික් කලාපයට කන්ඩායම් අතර විරුද්ධතා සහ ගැටුම් හා යුද්ධ හඳුන්වා නොදිය යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවාය.

ඇමරිකාවේ "ඉන්දු-පැසිෆික් උපායමාර්ගය" සම්බන්ධ ගැටළු පිළිබඳව,

Mao Ning මහත්මිය පැවසුවේ ලොව පුළුල්ම හමුදා බලය සහිත මෙන්ම ඉහළම යුද පිරිවැය දරන රට ලෙස, යුද ඇරඹීමේ හැකියාව මිස සාමය උදාකිරීමේ හා පවත්වා ගැනීමේ හැකියාව කිසිවිටෙකත් ඇමරිකාව සතු නොවන බවයි.

සාමය සහ සංවර්ධනය ලුහුබැඳීම ආසියා පැසිෆික් කලාපයේ රටවල සම්මුතියයි. ඇමරිකාව කලාපීය රටවල අවශ්‍යතාවන්ට ගරු කළ යුතු අතර, සාමයට සහ ස්ථාවරත්වයට හිතකර දේවල් කළ යුතු බව Mao Ning මහත්මිය එහිදී පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම