චීන ජනපති සහ ලෙසෝතෝ රජු දෙරට සබඳතාවේ 30ස් වන සැමරුමට සුබපැතුම් පණිවිඩ හුවමාරු කරති
2024-01-12 18:30:48
Share with:

චීනය සහ ලෙසෝතෝ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමේ 30වැනි සංවත්සරය වෙනුවෙන් ජනාධිපති ෂී ජින් පිං මහතා හා ලෙසෝතෝ හි තුන්වන Letsie රජු අන්‍යෝන්‍ය වශයෙන් සුබපැතුම් පිරිනමති. ඔවුහු අද(12) පණිවුඩ හුවමාරු කර ගත්හ.

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ගතවූ වසර 30 තුළ, එකිනෙකාගේ කේන්ද්‍රීය ගැටළු හා පොදු අවධානයට ලක්වී ඇති ප්‍රශ්නවලට දෙරට සහාය දක්වා ඇති බවයි. දෙරට සබඳතාව වැදගත් කොට සලකමින් තුන්වන Letsie රජු සමග පොදු ප්‍රයත්න යටතේ දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමේ 30වැනි සංවත්සරය මත පදනම් කර ගෙන දෙර‍ට සබඳතාව තව තවත් ඉහළ මට්ටමකට රැගෙන යාමට ෂී ජින් පිං මහතා සූදානම් වෙයි. ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින් දෙරට මිත්‍ර හවුල්කාරීත්වය තවදුරටත් තහවුරු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.

ගෙවී ගිය වසර 30 තුළ, තම රට හා චීනය සැලකිය යුතු අයුරින් සංවර්ධනය වී ඇති බව තුන්වන Letsie රජු සිය පණිවුඩයේ සඳහන් කළේය. විශිෂ්ට චීනය සමග සහයෝගිතා සමීප කරමින් දෙරට මිත්‍රත්වය තහවුරු කර දෙරටේ සමෘද්ධියට සහාය දැක්වීමට ලෙසෝතෝ සූදානම් වන බව ද රජු එහිදී යළි අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම