චීනය යළිත් මෝටර් රථ අපනයෙන් ලොව පළමු ස්ථානයට
2024-01-12 20:14:24
Share with:

මේ වන විට චීන මෝටර් රථ රටවල් 200 කට වැඩි ප්‍රමාණයකට අපනයනය කර ඇතැයි  චීනයේ මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය වාර්තා කරයි. ඊයේ (11) නිකුත් කරන ලද එම දත්ත මගින් පෙන්නුම් කළේ චීනයේ මෝටර් රථ නිෂ්පාදනය සහ අලෙවිය 2023 වසරේදී පළමු වරට මිලියන 30 ඉක්මවා ඇති අතර එය අඛණ්ඩව 15 වන වසරටත් ලොව පළමු ස්ථානයට පත්ව ඇති බවයි. මෝටර් රථ අපනයන ප්‍රමාණය මිලියන 4.91 දක්වා ළඟා වී තිබේ. නව බලශක්ති මෝටර් රථ මිලියන 1.203 ක් වන අතර, එය සමස්තයෙන් හතරෙන් එකකි.

ජපානය අභිබවා චීනය ලොව විශාලතම මෝටර් රථ අපනයනකරු බවට පත්ව ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත. රොයිටර් සහ අනෙකුත් විදෙස් මාධ්‍ය විශ්වාස කරන්නේ මෝටර් රථ සම්බන්ධයෙන් විශාල රටක සිට බලවත් රටක් දක්වා ගමන් කිරීම චීනයේ වැදගත් පියවරක් වන අතර ගෝලීය මෝටර් රථ කර්මාන්ත රටාවේ විශාල වෙනසක් සනිටුහන් කරන බවයි.

ලෝකයම චීන මෝටර් රථවලට ආදරය කරන්නේ ඇයි? මෑත වසරවල චීන මෝටර් රථවල ක්‍රියාකාරීත්වය සහ ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු කෙරුණු අතර ගෝලීය පාරිභෝගිකයින්ගේ පිළිගැනීම වර්ධනය වී තිබේ. තාක්‍ෂණික නවෝත්පාදනයේ දිගුකාලීන පැවැත්ම සහ ගෝලීයකරණය වේගවත් කිරීම චීන මෝටර් රථ සමාගම් හි ජයග්‍රහණයට කැපී පෙනෙන හේතුවක් වේ. BYD හි සන්නාම සහ මහජන සම්බන්ධතා පිළිබඳ කළමණාකාර අධ්‍යක්ෂවරයාගේ  සහකාරවරයා වන Luo Hao පැවසුවේ සමාගමට සමස්ත නව බලශක්ති වාහන කර්මාන්ත දාමය සඳහා මූලික තාක්ෂණයන් ඇති අතර සමස්ත පර්යේෂණ හා සංවර්ධනය සඳහා යුවාන් බිලියන 100 කට වඩා ආයෝජනය කර ඇති බවයි. මේ වන විට BYD සමාගමේ නව බලශක්ති වාහන ලොව පුරා රටවල් සහ කලාප 59 කට අලෙවි කෙරේ. මීට අමතරව, සම්පූර්ණ කාර්මික දාමය සහ සැපයුම් දාම පද්ධතිය චීන මෝටර් රථවල තරඟකාරිත්වය වැඩි දියුණු කර ඇත.

UBS සමූහයේ නවතම පුරෝකථනයට අනුව, චීන මෝටර් රථ නිෂ්පාදකයින් 2024 වසරේදී විදේශයන්හි වාහන මිලියන 5 ක් විකිණීමට අපේක්ෂා කරන අතර, වැඩි ඉල්ලුමක් අග්නිදිග ආසියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් පැමිණේ. මෙමගින් ලොව විශාලතම මෝටර් රථ අපනයනකරුවා ලෙස චීනයේ තත්ත්වය තහවුරු වන අතර විවිධ රටවලට වැඩි ප්‍රතිලාභ සහ අවස්ථා නිර්මාණය වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම