චීන උප අග්‍රාමාත්‍යවරයා අප්‍රිකාවේ නිල සංචාරයකට සැරසේ
2024-01-12 19:11:32
Share with:

චීන උප අග්‍රාමාත්‍ය Liu Guozhong මහතා නොබැඳි ව්‍යායාමයේ 19 වැනි සමුළුවට සහ 3 වැනි දකුණු සමුළුවට සහභාගි වී අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත යැයි චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන උප අග්‍රාමාත්‍ය Liu Guozhong මහතා එළඹෙන 15වැනිදා සිට 24වැනිදා දක්වා කාලය තුළ උගන්ඩාවට ගොස් එහි පැවැත්වෙන නොබැඳි ව්‍යායාමයේ 19 වැනි සමුළුවට සහ 3 වැනි දකුණු සමුළුවට සහභාගිවීමට නියමිතය. ඊට සමගාමීව ඇල්ජීරියාව, කැමරූන්, ටැන්සානියාව යන අප්‍රිකානු රටවල සංචාරය කරනු ඇතැයි Mao Ning මහත්මිය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම