බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවරිය ලෙස Sheikh Hasina යළි දිවුරුම් දෙයි
2024-01-12 10:09:02
Share with:

Sheikh Hasina මහත්මිය ඊයේ (11) රාත්‍රියේ බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත.

බංග්ලාදේශ ජනාධිපති Mohammad Shahabuddin Chuppu මහතා‍ගේ ප්‍රධානත්වයෙන් එම දිවුරුම් දීමේ උත්සවය බංග්ලාදේශ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ. අග්‍රාමාත්‍යවරිය ඇතුළුව 37 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරු 25 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 11 දෙනෙක් එම නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වෙති. අවාමි ලීගයේ සභාපතිනි Sheikh Hasina මහත්මිය අගමැති ධූරයේ දිවුරුම් දුන්නේ සිව් වැනි වරට වීම ද විශේෂත්වයකි. එමෙන්ම ඇයගේ පස් වන අගමැති ධූර කාලය මෙයින් ආරම්භ වේ. පසුගිය 7 වනදා බංග්ලාදේශය 12 වන ජාතික කොංග්‍රස් මහ මැතිවරණය පැවැත්විණ. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම