‘සුන්දර චීනය’ සාක්ෂාත් කිරීම උදෙසා සැලසුම් මාලාවක්
2024-01-12 11:47:41
Share with:

සුන්දර චීනයක් ගොඩනැගීමේ ඉලක්කය සාක්ෂාත් කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කෙරේ.

සුන්දර චීනයක් ගොඩනැගීම, චීනය සමාජවාදී නවීකරණ රටක් ලෙස ගොඩනැගීමේ දී පවතින වැදගත් ඉලක්කයකි. එය සාක්ෂාත් කිරීම සඳහා චීන මධ්‍යම රජය සැලසුම් මාලාවක් සකස් කර තිබේ. එම සැලසුම් අනුව වසර 2027 වන විට සුන්දර චීනයක් ගොඩනැගීමේ වැඩසටහන කැපීපෙනෙන ප්‍රතිඵල අත්කර ගනු ඇත. හරිත අවකාබන් සංවර්ධනය වඩාත් ඉදිරියට ගෙන යන අතර, ජෛව පරිසරයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. එසේම, ජීවන පරිසරය නිසිලෙස යහපත් කෙරෙන අතර, ජාතික ජෛව ආරක්ෂාව ද ඵලදායී අයුරින් සහතික කෙරෙනු ඇත. වසර 2035 වන විට සුන්දර චීනයක් ගොඩනැගීමේ ඉලක්කය මූලික වශයෙන් සැබෑ කරගැනීම මෙම සැලසුම් මගින් අපේක්ෂිත යි. මෙම සියවසේ මැද භාගය වන විට චීනයේ ජෛව පරිසර කළමනාකරණ පද්ධතිය හා හැකියාව අතින් නවීනත්වයට ළඟා වී, සුන්දර චීනයක් ගොඩනැගීමේ ඉලක්කය පූර්ණ වශයෙන් සාක්ෂාත් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම