චීනයේ විදේශ භාණ්ඩ වෙළඳාමේ ප්‍රශස්ත වර්ධනයක්
2024-01-12 12:12:43
Share with:

වසර 2023 චීනයේ විදේශ භාණ්ඩ වෙළඳාමේ සමස්ත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 41.76 ක් වන අතර එය වසරින් වසර 0.2% ක වර්ධනයක් බව ප්‍රකාශ කෙරේ.

එම අගය අපේක්ෂිත තත්ත්වය අභිභවා යාමක් බව චීන රාජ්‍ය මණ්ඩලයේ අද (12) පැවති මාධ්‍ය හමුවේ දී ජාතික රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පැවසීය. 

එම කාලය තුළ චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සහයොග්තාවට එක්ව සිටින රටවල් වෙත කළ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 19.47ක් වන අතර, එය 2.8%ක වැඩිවීමක් පෙන්නුම් කරයි. එම අගය චීනයේ සමස්ත විදේශ භාණ්ඩ වෙළඳාමෙන් 46.6% ක් වීම  විශේෂත්වයකි.

මේ අතර, පසුගිය වසරේ චීනයේ ආනයන හා අපනයනයන් හි නිරත වූ ව්‍යාපාර සංඛ්‍යාව ප්‍රථම වරට ලක්ෂ හය ඉක්මවා ගොස් ඇත. ඒ අතර ඇති පෞද්ගලික ව්‍යාපාර ගණන පන්ලක්ෂ පනස්හය දහසක් වේ. එම ව්‍යාපාර මගින් සිදුකෙරුණු විදේශ වෙළඳාමේ වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 22.36 කි. ර‍ටේ සමස්ත විදේශ වෙළඳාමෙන් එය 53.5% ක ප්‍රමාණයක් සපුරා තිබීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම