රාජ්‍ය සේවයේ දීමනා පිළිබඳ චක්‍රලේඛය නිකුත් කෙරේ
2024-01-11 15:48:35
Share with:

අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කළ යුතු ආකාරය එම චක්‍රලේඛයේ සඳහන්ය.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් දැනට මසකට රාජ්‍ය සේවකයෙකු සදහා ගෙවනු ලබන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 12,800ක් ගෙවිය යුතු වේ.

අප්‍රේල් මාසයේ සිට රුපියල් 12,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 17,800ක් ගෙවිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන්ය.

අය වැය යෝජනාවලට අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් වූ හිඟ ජීවන වියදම් දීමනාව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මාර්තු තෙක් මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවා අවසන් කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

මෙම ජිවින වියදම් දීමනාව ආධුනික හා පුහුණුලාභීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, අනියම් දෛනික වැටුප් ලබන සේවකයින් සඳහා සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා වලංගු බව සඳහන් වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම