චීනයට පැමිණෙන විදේශිකයන්ට අදාළ වීසා කොන්දේසි ලිහිල් කෙරේ
2024-01-11 15:17:45
Share with:

චීන ජාතික ආගමන විගමන මහ පරිපාලනය විදේශිකයන් වෙනුවෙන් නව පියවර 5ක් ගනී. චීන ජාතික ආගමන විගමන මහ පරිපාලනය අද (11) සිට එම නව පියවර ගන්නා බව අද පැවති චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ. ව්‍යාපාර හා අධ්‍යාපන කටයුතු සහ සංචාරක අවශ්‍යතා සඳහා චීනයට පැමිණෙන විදේශිකයන්ට වැඩි පහසුකම් ලබාදීම එහි අරමුණ යි.

එම නව පියවර පහ අනුව, චීනයට පැමිණෙන විදේශිකයන් වීසා බලපත්‍ර ඉල්ලුමට අදාළ කොන්දේසි ලිහිල් කෙරේ. බෙයිජිං ගුවන් තොටුපළ ඇතුළු චීනයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 9ක් හරහා පැය 24 තුළ පරීක්ෂණ ක්‍රියා පටිපාටිවලින් තොරව සෘජුවම සංක්‍රමණය කළ හැකි ය. චීනයේ සිටින විදේශිකයන්ට ඔවුන්ගේ ළඟම ඇති මහජන ආරක්ෂක කාර්යාංශ මගින් වීසා බලපත්‍ර දීර්ඝ කිරීම, මාරු කිරීම සහ නැවත නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි ය. චීනයේ සිටින විදේශිකයෙකුට බොහෝ වර ඇතුළු වීමට සහ පිටවීමට අවශ්‍ය වුව‍හොත් ඔහු හෝ ඇයට චීන මහජන ආරක්ෂක කාර්යාංශයට බහු-ප්‍රවේශ වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකි ය. මෙවර නිකුත් කළ නව පියවර අනුව චීනයේ සිටින විදේශිකයන් සඳහා වීසා ලේඛන වෙනුවෙන් අයදුම් කිරීමේ ලිපිගොනු ද සරල කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම