කෘෂි ක්ෂේත්‍රය නවීකරණයට ශ්‍රී ලංකාව දරන වෑයමට චීනයේ අඛණ්ඩ සහාය
2024-01-11 15:49:29
Share with:

කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන්හොං මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන්හොං මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති හමුවේ දී තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

චීන අගමැති ලී ච්‍යාං මහතා විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත එවා ඇති චීනයේ සුබ සලකුණ ලෙස සැලකෙන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය ද පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කරතා මඟ හරවා ගැනීමට ඇති හැකියාව දැකීමට සතුටු වන බව පැවසූ තානාපතිවරයා කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට චීනයේ අඛණ්ඩ සහාය ලබා දීමට ද සහතික විය.

ඉහළ අස්වැන්නක් දෙන සහල් වගාව සංවර්ධනය කිරීම ගැන චීන විශේෂඥ දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමේ වැඩසටහනක් චීනය විසින් ආරම්භ කරන බවත් එය ඉදිරි යල කන්නයේදී ක්‍රියාත්මක කරන බවත් චීන තානාපතිවරයා පැවසීය.‍

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම