විදේශ සබඳතා වර්ධනය කිරීමේදී සෑම රටකටම චීනයේ ගෞරවය හා සැලකීම එක සමානයි
2024-01-11 18:03:27
Share with:

චීනය සෑම විටම සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ පොදු ඉරණමක් බෙදා ගන්නා බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවාය.

විදේශ සබඳතා වර්ධනය කිරීමේදී චීනය සෑම රටකටම එක හා සමානව හා ගෞරවයෙන් සලකන බව ඇය කියා සිටී.

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස චීනය “ගෝලීය දකුණේ” ස්වභාවික සාමාජිකයෙකු වන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සෑම විටම එකම ඉරණම බෙදා ගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා ස්ථිර ලෙස ආරක්ෂා කරන බව Mao Ning මහත්මිය අවධාරණය කළාය. චීනය සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සමගිය සහ සහයෝගීතාවය යනු කිසිවෙකු දිනා ගැනීමට හෝ ගැටීමට නොව, ලෝක සාමය ආරක්ෂා කිරීමට, ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහ ජාත්‍යන්තර පිළිවෙල පවත්වා ගැනීමට බව ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම