චීන-ඇමරිකා වාණිජ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්
2024-01-11 18:16:07
Share with:

චීන-ඇමරිකා වාණිජ අමාත්‍යවරු දුරකථන සංවාදයක නිරත වෙති. සංවාදය අද(11) පැවැත්විණ.

චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා එහිදී පැවසුවේ දෙරට ජනාධිපතිවරුන් San Francisco හිදී පැවැත්වූ හමුව ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාව වෙත සංවර්ධන දිශානතිය ලබා දී ඇති බවයි. දෙරට වාණිජ අමාත්‍යංශයේ අදහස් හුවමාරු ක්‍රමවේදයෙන් ඉස්මතු වන සක්‍රීය කාර්යභාරයන් දෙපාර්ශ්වය ඉටු කළ යුතු අතර, ව්‍යවසායන් අතර සහයෝගිතා වෙනුවෙන් මනා පහසුකම් ද සැපයිය යුතු බව ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම, lithography යන්ත්‍රය චීනයට අපනයනය කිරීම පිළිබඳව ඇමරිකාව වෙනත් රටවලට එල්ල කරන බාධා හා ඇමරිකාවෙන් චීන ව්‍යවසායන්ට කෙරෙන අවහිර කිරීම සම්බන්ධයෙන් ද චීන වාණිජ අමාත්‍යවරයා එහිදී දැඩි සැලකිල්ලක් දැක්වීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම