ඈන් කුමරිය ජනපති හමුවෙයි
2024-01-11 15:47:55
Share with:

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ(10) දිවයිනට පැමිණි එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ. කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවිය.

කොටුව ජනාධිපති මන්දිරයට පැමිණි ඈන් කුමරිය ඇතුලු රාජකීය දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟ සුහඳ කථා බහකට එක් විය.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් ඈන් කුමරිය දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම