චීන විදේශ අමාත්‍යවරයා අප්‍රිකාවේ සංචාරයට සැරසේ
2024-01-11 19:11:38
Share with:

චීන විදේශ ඇමති වං යී මහතා අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(11) මේ බව ප්‍රකාශ කළාය.

ආරාධනාවන්ට අනුව, චීන විදේශ ඇමති වං යී මහතා එළඹෙන 13වැනිදා සිට 18වැනිදා දක්වා ඊජිප්තුව, ටියුනීසියාව, ටෝගෝ, කොට් ඩිවයෙරේ යන රටවල සංචාරය කිරීමට නියමිතය. චීන විදේශ අමාත්‍යවරයෙකු වසර 33ක් අඛණ්ඩව සැම වසර ආරම්භයේදීම අප්‍රිකාවට ගොස් සංචාරය කර තිබෙන අතර මෙම වසර 34වැනි වසර වන බව Mao Ning මහත්මිය එහිදී සඳහන් කළාය.

අප්‍රිකානු සංචාරයට පසුව ආරාධනාවන්ට අනුව, වං යී මහතා බ්‍රසීලය හා ජැමෙයිකාව යන රටවල සංචාරය කරනු ඇතැයි ද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම