චීන ආර්ථීක හා වෙළඳ ප්‍රදර්ශන ක්ෂේත්‍රයේ ඉහළ සාර්ථකත්වයක්
2024-01-11 11:14:38
Share with:

2023 වසරේ පැවති චීන ආර්ථීක හා වෙළඳ ප්‍රදර්ශනයන් හි ඉහළ සාර්ථකත්වයක් පිළිබිඹු වෙයි. එය කොවිඩ් වසංගතය මතුවීමට පෙර පැවති මට්ටම සාක්ෂාත් කර තිබීම කැපීපෙනේ.

චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය ඊයේ(10) නිකුත් කළ 2023 චීන ප්‍රදර්ශන ආර්ථීක සංවර්ධන වාර්තාවට අනුව, එම වසරේ චීනය විවිධ ආර්ථීක හා වෙළඳ ප්‍රදර්ශන 3923 ක් පවත්වා ඇත. එය පසුගිය 2022 වසර හා සැසඳීමේදී 117.1% ක වර්ධනයකි. එම ප්‍රදර්ශන පැවති භූමි ප්‍රමාණය වර්ග මීටර් මිලියන 141 ක් වූ අතර, එය 2022 වසරට සාපේක්ෂව 153.3% කින් වැඩි වී ඇත. මෙම ප්‍රදර්ශන සංඛ්‍යාව හා භුමි වපසරිය කොවිඩ් වසංගතය මතුවීමට පෙර පැවති මට්ටම ඉක්මවා ගොස් ඇති අතර, ප්‍රදර්ශන කර්මාන්තය පූර්ණ වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව එම වාර්තාවේ දැක්වෙයි.  

චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලයේ මෙම වාර්තාව පසුගිය දා චීනයේ Jiangxi පළාතේ Nanchang නගරයේ පැවති 19 වැනි චීන ප්‍රදර්ශන ආර්ථික ජාත්‍යන්තර සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ දී නිකුත් කරනු ලැබීය. එම කවුන්සිලයේ ප්‍රදර්ශන පරිපාලන කාර්යාලයේ අධ්‍යක්ෂ Wu Shengrong මහතා වාර්තාව පිළිබඳ කරුණු විග්‍රහ කළේය. 2023 වසරේ චීන ප්‍රදර්ශන කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ලක්ෂණ 5 ක් ඔහු එහිදී පෙන්වා දී තිබේ. චීනයේ ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනවල තත්ත්වය කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට වර්ධනය වීම, ප්‍රදර්ශන කර්මාන්තයේ ප්‍රධාන ව්‍යවසායන්ගේ මෙහෙයුම් තත්ත්වය අඛණ්ඩව ප්‍රකෘතිමත් වෙමින් පැවතීම, චීන ව්‍යවසායන් යළිත් විදේශ රටවල ප්‍රදර්ශන සංවිධාන කිරීම, ජාතික මට්ටමේ ප්‍රදර්ශන කර්මාන්ත සංවර්ධනයේ ප්‍රමුඛයා බවට පත්වීම සහ ප්‍රදර්ශන ශාලා මෙහෙයුම් සංඛ්‍යාව හා භාවිත කිරීමේ අනුපාතය සැලකිය යුතු ලෙස වැඩිවීම එම ලක්ෂණ 5 ට ඇතුළත් ය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම