චීන-ඇමරිකා සංස්කෘතික වස්තූන්ට අදාළ අවබෝධතා ගිවිසුමේ කාලය දීර්ඝ කෙරේ
2024-01-11 18:13:22
Share with:

චීනය සහ ඇමරිකාව අතර පැරණි ස්මාරක මූර්ති සහ බිතු සිතුවම් සඳහා ආනයන සීමා පැනවීමට අදාළ අවබෝධතා ගිවිසුමේ” වලංගු කාලය දීර්ඝ කෙරේ.

චීන රාජ්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද “චීන, ඇමරිකා රජයන් විසින් පැලියොලිතික් යුගයේ සිට Tang රාජවංශයේ අවසානය දක්වා වර්ගීකරණය කරන ලද පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය සහ වසර 250ක් පමණ පැරණි ස්මාරක මූර්ති සහ බිතු සිතුවම් මීට ඇතුළත් වේ. චීනය සහ ඇමරිකාව අතර සටහන් හුවමාරුව මගින් තහවුරු කර ඇති පරිදි, නව පාඨය 2024 වසරේ ජනවාරි මාසයේ 14 වැනිදා සිට බලපැවැත්වෙන අතර වසර 5ක් සඳහා වලංගු වනු ඇත.

මෙය චීන සංස්කෘතික ධාතූන් අනවසරයෙන් ඇමරිකාවට ඇතුළුවීම වැළැක්වීමට චීනය සහ ඇමරිකාව අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ හුවමාරු සහ සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙපළ විසින් ඇති කර ගත් එකඟතාව ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රායෝගික පියවරකි. අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීම දෙරටේ සංස්කෘතික හුවමාරුව සහ සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරන අතර දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කරනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම