බංග්ලාදේශ අගමැතිනියට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-01-11 11:08:37
Share with:

බංග්ලාදේශයේ අගමැති ධුරයට යළි තේරී පත් වූ Sheikh Hasina මහත්මියට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

එම සුබ පැතුම් පණිවිඩය අද (11) යොමුකරනු ලැබීය. චීනය සහ බංග්ලාදේශය සාම්ප්‍රදායික මිත්‍රත්වයකින් බැඳුණු අසල්වැසියන් බව චීන ජනාධිපතිවරයා කියාසිටී. රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගත වූ වසර 49 ක් තුළ, දෙරට එකිනෙකාට ගරු කරමින් වැදගත් අවස්ථාවල දී එ‍කිනෙකාට සහාය දී ඇත. එසේම, දෙරට අඛණ්ඩව සංවර්ධනීය ගමනක නිරතව සිටින බව ද හෙතෙම පෙන්වාදෙයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දකුණු අප්‍රිකාවේ පැවති හමුවේ දී, තමා Sheikh Hasina මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සබඳතාව හා සම්බන්ධ වැදගත් එකඟතාවන්ට එළඹුණු බව ෂී ජින් පිං මහතා සිය පණිවුඩයෙන් සිහිපත් කරයි. එම එකඟතා තවදුරටත් ක්‍රියාවට නැංවීම තුළින් දෙරට උපායමාර්ගික හවුල්කාරීත්වය නව මට්ටමකට ළඟාවනු ඇති බවට ද චීන ජනාධිපතිවරයා විශ්වාසය පළකරයි.

චීන අගමැති ලී ච්‍යං මහතා ද Sheikh Hasina මහත්මිය වෙත අද (11) සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම