චීන- ටියුනීසියා 60 වන රාජ්‍යතාන්ත්‍රික සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරුන් සුබ පැතුම් එක් කරති
2024-01-10 11:04:06
Share with:

චීන ටියුනීසියා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනැගීමේ 60වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ටියුනීසියානු ජනාධිපති Kais Saied මහතා සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති.

ගෙවී ගිය දශක හය තුළ ජාත්‍යන්තර තත්ත්වයන්හි කෙබඳු වෙනස්කම් මතු වුවද චීන-ටියුනීසියා සම්බන්ධතාව හැමවිටම විධිමත් ලෙස වර්ධනය වී තිබෙන බව ෂී ජින්පිං මහතා අද(10) යොමු කළ එම සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. මෑත වසරවල දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු වූ අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාවලදී ද සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇත. තමා ටියුනීසියාව සමග පවතින සම්බන්ධතාවය බෙහෙවින් අගය කරන බව චීන ජනාධිපතිවරයා කියාසිටී. Kais Saied ජනාධිපතිවරයා සමග එක්ව දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මිත්‍රශීලි සහයෝගිතා වඩාත් ජයග්‍රාහී මට්ටමකට ගෙන ඒමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

ටියුනීසියාව හා චීනය අතර දිගුකාලීන මිත්‍රත්වයක් පවතින අතර දෙරටේ සහයෝගිතාවන් ද ඵලදායි වන බව ටියුනීසියානු ජනාධිපතිවරයා ගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. සමාන වටිනා සංකල්පයක සිට ද්විපාර්ශ්වික සම්බන්ධතාවය අඛණ්ඩව ව්‍යාප්ත වී ඇති අතර දෙරට ජගත් හා කලාපීය ගැටළුවලදී ඇති සහයෝගිතාව ද ක්‍රමයෙන් සමීප වී තිබේ. චීනය සමග විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි, මනා ඉදිරි දැක්මකින් නවමු ආකාරයේ හවුල්කාරීත්වයක් ගොඩනගමින් දෙරටේ සම්බන්ධතාවය වඩාත් ඉහළ තලයකට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම