ඇමරිකාව හා චීනයේ තායිවානය ඕනෑම ආකාරයකින් නිල සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව චීනයේ දැඩි විරුද්ධත්වය
2024-01-10 17:24:50
Share with:

ඇමරිකාව හා චීනයේ තායිවානය ඕනෑම ආකාරයක නිල සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව චීනය තරයේ විරෝධතා පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවා ය.

ලෝකයට ඇත්තේ එකම චීනයක් බව Mao Ning මහත්මිය එහිදී සඳහන් ක‍ළා ය. තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. එකම චීනය යන ප්‍රතිපත්තිය හා චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන 3නේ සඳහන් වන කරුණු ඇමරිකාවේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු ය. තායිවානය හා සම්බන්ධ ගැටළු සඳහා විසඳුම් ලබා දීමට මැදිහත් වෙමින් ඇමරිකාවට අවශ්‍ය ආකාරයට තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට අනිසි බලපෑම් එල්ල කළ නොහැකි බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව අවධාරණය කළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම