නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් සඳහා අනුමැතිය
2024-01-10 15:31:09
Share with:

නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක සහාය ලබාගනිමින් එම නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාල පිහිටුවීමට නියමිතය.

රජය අපේක්ෂා කරන්නේ එවැනි විශ්වවිද්‍යාලයක් හරහා අතිනවීන ක්‍රමවේද උපයෝගී කරගැනීමට, ගෝලීය අධ්‍යයන සම්බන්ධතා පෝෂණය කිරීමට, පර්යේෂණ සහ සංවර්ධනය සඳහා මූලික පරිසරයක් ඇතිකිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි.

නව විද්‍යාත්මක සොයාගැනීම්, තාක්ෂණික නවෝත්පාදන සහ තිරසර සංවර්ධනය යන තීරණාත්මක අංශවල නායකත්වය දීමට දක්ෂ වෘත්තිකයින් පිරිසක් බිහි කිරීම සඳහා පදනම සකස් කිරීමේ අරමුණින් මෙය ක්‍රියාවට නැංවේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම