ගාසා තීරයේ සියයට 85ක ජනගහණයක් අවතැන්වෙති
2024-01-10 10:32:25
Share with:

ඊශ්‍රායල-පලස්තීන ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ සියයට 85ක ජනගහණයක් අවතැන්වෙති

නව වටයේ පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් මිලියන 1.9 ක ජනතාවක් අවතැන් වී ඇතැයි ඊයේ (9) එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවීමේ හෙළි කෙරිණ.එය ගාසා තීරයේ සමස්ත ජනගහණයෙන් සියයට 85කි.එමෙන්ම ගාසා තීරයේ සෞඛ්‍ය සේවා පද්ධතිය කඩා වැටෙමින් පවතින බවද එහිදී ප්‍රකාශ විය.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයේ නව දත්තවලට අනුව, ගාසා තීරයේ 23000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර එය සමස්ත ගාසා තීරයේ ජනගහණයෙන් සියයට 1කි. තුවාල ලැබූ පිරිස 59000 කට ආසන්න වන අතර එය සමස්ත ජනගහණයෙන් සියයට 2.7ක් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පලස්තීන භූමි ප්‍රදේශ නියෝජිතයෙක් Jerusalem හිදී ප්‍රකාශ කළේය. 

සමස්ත ගාසා තීරයේම සුරක්ෂිතව සහනාධාර භාණ්ඩ ප්‍රවාහන කෙ‍රෙන මානුෂීය මාර්ගය නොමැතිවීම හේතුවෙන් 2023 වසරේ දෙසැම්බර් 26 වනදා සිට මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය 6 වතාවත් උතුරු ගාසා තීරයට සෞඛ්‍ය පහසුකම් ප්‍රවාහනය කිරීමේ සැලසුම් අහෝසි කර ඇත.  

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම