අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ඉහළ නැංවීමට පියවර
2024-01-10 15:30:04
Share with:

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා අතර ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

රාජ්‍ය බැංකු නියෝජිතයන් සමග අස්වැසුම වැඩසටහන තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.

පවුල් ලක්ෂ 20කට සහන සැලසීමේ අරමුණෙන් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කෙරුණු අතර මේ වන විට පවුල් ලක්ෂ 14කට ඉන් ප්‍රතිලාභ හිමිවන බව සඳහන්ය.

ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල් සතිය තුළ අස්වැසුම සඳහා නව අයදුම්පත් කැඳවීම ආරම්භ කරන අතර එහි දී අතිරේකව ලක්ෂ 4ක පිරිසක් සුබ සාධන ප්‍රතිලාභ ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීමට නියමිත බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම