චීනය සහ ඇමරිකාව 17 වැනි ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය හමුව පවත්වයි
2024-01-10 14:54:32
Share with:

චීන-ඇමරිකා 17 වැනි ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය හමුව පැවැත්වේ. චීන මධ්‍යම හමුදා කොමිසමේ ජාත්‍යන්තර හමුදා සහයෝගිතා කාර්යාලයේ නායකයෙකු සහ ඇමරිකාවේ වැඩබලන නියෝජ්‍ය සහකාර ජාතිකාරක්ෂක ලේකම්වරයෙකු විසින් සම සභාපතිත්වය යටතේ, එම හමුව ජනවාරි 8 සිට 9 දක්වා ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්විණ.

සමානාත්මතාවය සහ ගෞරවය මත පදනම්ව ඇමරිකාව සමඟ සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර හමුදා සබඳතා වර්ධනය කර ගැනීමටත්, සැන් ෆ්‍රැන්සිස්කෝ හි රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කර ගත් වැදගත් හමුදා සම්බන්ධ එකඟතාවය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමටත් චීනය කැමැත්ත පළ කරයි. ඇමරිකාව චීනයේ උත්සුකයන්ට මුහුණ දිය යුතු අතර හමුදා දෙක අතර සබඳතා වර්ධනයට හිතකර තවත් දේ කළ යුතු බව චීනය ප්‍රකාශ කර ඇත.

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් කිසිවිටෙකත් සම්මුතියකට නොයන බව චීනය අවධාරණය කරයි. එකම චීනය යන මූලධර්මයට අවනත වීම, අදාළ කැපවීම් උනන්දුවෙන් ක්‍රියාත්මක කිරීම, තායිවානය සන්නද්ධ කිරීම නැවැත්වීම, තායිවානයේ “ස්වාධීනත්වයට” විරුද්ධ වීම යන කරුණු ක්‍රියාව‍ට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම