2024 වසරේ චීනයට අනන්‍ය වූ නවීන ආර්ථික ක්‍රමයක් බිහිවන ලකුණු
2024-01-10 09:56:31
Share with:

විවිධ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ 2023 වසර අවසන් විය. ගෝලීය වශයෙන් තීරණාත්මක වසරක් ලෙස 2024 නව වසරේ දී සියලු පාර්ශ්වයන් සාමුහික ප්‍රවේශය තුළ කටයුතු කිරීම වඩා ඵලදායී වනු ඇත. එහිදී සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ද යම් කාර්යභාරයක් පවතී. එහිදී වර්තමාන ගෝලීය ආර්ථිකයේ ප්‍රබලම තීරකයා ලෙස චීනයේ ක්‍රියාකාරිත්වය විමසා බැලීම ඉතා වැදගත් ය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නව වසරේ සුබ පැතුම් පණිවිඩය ඒ පිළිබඳ මනා සාරාංශයක් සපයා ඇති බව මාධ්‍යවේදී දුෂාන්ත දර්ශන රණසිංහ මහතා පවසයි. එමෙන්ම සියලු රටවල ජනතාව තුළ පිබිදීමක් ඇති කරන අන්තර්ගතයකින් එය සමන්විත බව ද හෙතෙම සඳහන් කළේය.

උසස් ශිෂ්ටාචාරයකට උරුමකම් කියන චීනය අද්විතීය ස්වභාවික සුන්දරත්වයෙන් ද පෞරාණික උරුමයන්ගෙන් ද අනූන රටකි. චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ දී මෙම උරුමයන් හැඳින්වූයේ ඔවුන්ගේ ආත්ම විශ්වාසයේ හා ශක්තියේ උල්පත ලෙසයි.  සිය අනාගත පැවැත්ම වෙනුවෙන් ඒ සියලු සම්පත් සුරක්ෂිත කිරීමට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් චීන රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇති බව ඉන් ගම්‍ය වන බව හෙතෙම කියාසිටියේය. 

සිය සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමයෙන් ඉදිරියට ගෙන යමින් මේ වසරේ නවීන කාර්මික පද්ධතියක් ස්ථාපිත කිරීම චීනයේ අරමුණයි. එහිදී ඉහළ මට්ටමේ, සුහුරු හා හරිත නිෂ්පාදන පරිසරයක් නිර්මාණය කිරීමට ද අවධානය යොමු කර ඇත. කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා යන සියලු අංශවල වේගවත් නවීකරණය ඔස්සේ චීනයට අනන්‍ය වූ නවීන ආර්ථික ක්‍රමයක් බිහි වනු ඇතැයි අපේක්ෂා පළ කළ හැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

නව චීනය ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය සනිටුහන් කරන මෙම වසරේ චීනයේ නව පරිවර්තනය දෙස ලෝකයේම අවධානය යොමු වනු ඇති බව මාධ්‍යවේදී දුෂාන්ත දර්ශන රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම