චීන ජනපති සහ මාලදිවයින් ජනපති අතර සාකච්ඡාවක්
2024-01-10 20:16:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මාලදිවයින් ජනාධිපති Mohamed Muizzu මහතා සමඟ සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව අද (10) පස්වරුවේ මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

නව වසර ආරම්භයේදී චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති Mohamed Muizzu මහතා සාදරයෙන් පිළිගන්නා බව ෂී ජින් පිං මහතා පැවසීය. ජනාධිපති Mohamed Muizzu මහතා චීනයට බොහෝ වාරයක් සංචාරය කර තිබේ. චීන-මාලදිවයින් මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමටත්, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ දී චීන-මාලදිවයින් සහයෝගීතාව ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින බව ෂී ජින් පිං මහතා පැවසීය. මාලදිවයින් ජනාධිපතිවරයා මේ වසරේ තමා හමු වූ පළමු විදේශ රාජ්‍ය නායකයා බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේය. මෙවර චීන සංචාරය ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු විදේශ සංචාරය ද වන අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා චීනය සහ මාලදිවයින ලබා දෙන විශාල වැදගත්කම මෙයින් සම්පූර්ණයෙන්ම පිළිබිඹු කෙරෙන බව ෂී ජින් පිං මහතා පැවසීය.

වසර 52කට පෙර චීනය සහ මාලදිවයින අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් දා සිට දෙරට සෑම විටම එකිනෙකාට ගරු කරමින් සහයෝගය ලබා දී තිබේ. එකිනෙකාට සමානව සැලකීමට, එකිනෙකාට උපකාර කිරීමට සහ අන්‍යෝන්‍ය යහපත සහ  පොදු ජයග්‍රහණ අත්කර ගැනීමට ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇත.

නව යුගයේ චීන-මාලදිවයින් සබඳතා නව තලයකට ප්‍රවර්ධනය කිරීම සඳහා නව සැලසුම් සකස් කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා නව දැක්මක් ගෙනහැර දැක්වීමට මාලදිවයිනේ ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පැවසීය.

මාලදිවයිනේ ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා චීනය වටිනා ආධාර ලබා දී ඇති බව Mohamed Muizzu මහතා පැවසීය. මාලදිවයින සහ චීනය අතර සහයෝගීතාවය, විශේෂයෙන්ම “එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඒකාබද්ධ ඉදිකිරීම් මාලදිවයිනේ ජනතාවට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වී තිබේ. පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගොඩනැගීමේ අවස්ථා ලබා ගෙන, ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා නව මාර්ග තවදුරටත් පුළුල් කරන අතර, මාලදිවයින්-චීන සබඳතාවල නව වර්ධනයන් ප්‍රවර්ධනය කිරීමටත් දෙරටේ ජනතාවට සුභ සෙත සැලසීමට කටයුතු කිරීමටත් මාලදිවයින අපේක්ෂා කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම