චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ 20වන මධ්‍යම කොමිසමේ 3වැනි පූර්ණ සැසිවාරයේ ප්‍රකාශනය සම්මත කෙරේ
2024-01-10 19:39:22
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ 20වන මධ්‍යම කොමිසමේ  3වැනි පූර්ණ සැසිවාරයේ ප්‍රකාශනය නිකුත් කෙරේ.

එම ප්‍රකාශනය අද(10) පැවති 20වැනි මධ්‍යම කොමිසමේ 3වන පූර්ණ සැසිවාරයේදී සම්මත කෙරිණ.

20 වැනි මධ්‍යම කොමිසමේ 3වැනි පූර්ණ සැසිවාරය පසුගිය 8වැනිදා සිට අද(10) දක්වා බෙයිජීංහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එම සැසියට එක්වී වැදගත් දේශනයක්  පැවැත්වීය.

එම පූර්ණ සැසිය ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී චින්තනය සහ පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනයේ ජීවගුණය හා 20වැනි මධ්‍යම ‍කොමිසමේ 2වැනි පූර්ණ සැසියේ ජීවගුණය ක්‍රියාත්මක කිරීම සඳහා ගැඹුරුව අධ්‍යයනය කළේය. මෙවර සැසියේදී 2023 වසරේ විනය පරීක්ෂණ හා අධීක්ෂණ කටයුතු සමාලෝචනය කර 2024 වසරේ කාර්යයන් සැලසුම් ‍කොට තිබේ.

ෂී ජින් පිං මහතා ප්‍රමුඛ කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව වටා වඩාත් සමීපව සමගි වී නව ගමනේ විනය පරීක්ෂණ හා අධික්ෂණ කටයුතු අධි ගුණාත්මකභාවයේ වර්ධනය ප්‍රවර්ධනය කරන ලෙසත්, ශක්තිමත් චීනයක් ගොඩනැගීම සහ චීන ජාතියේ මහා පුනර්ජීවනය සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කිරීමට දැඩි සුරැකුමක් ලබා දෙන ලෙසත් එම පූර්ණ සැසිය ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම