ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙසට චීනය යළිත් ඉල්ලයි
2024-01-10 09:41:47
Share with:

සියළු ප්‍රයත්නයන් දරමින් ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි. එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ ඊයේ(9) පැවති නිෂේධ බලය භාවිතය පිළිබඳ සමුළුවේදී චීන උප ස්ථාවර නියෝජිත Geng Shuang මහතා මෙම ඉල්ලීම කළේය.

සෑම දිනකම ගාසා තීරයේ සිවිල් වැසියන් මිය යන අතර තත්ත්වය තවත් උග්‍ර වෙමින් පවතින බව Geng Shuang මහතා එහිදී කීය.  ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ජගත් ප්‍රජාවේ පොදු ඉල්ලීමක් වන අතර එය සාමය යළි ස්ථාපිත කිරීමේ මූලික අවශ්‍යතාවද වෙයි. එහෙත් මෙතෙක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට සටන් විරාමයක් පිළිබඳ එකඟතාවට එළඹීමට හැකියාවක් ලැබී නොමැත. පසුගිය දෙසැම්බර් මස 22 වනදා ඇමරිකාව ආරක්ෂක මණ්ඩලයේ දී යළි නිෂේධ බලය භාවිත කිරීම සම්බන්ධයෙන් චීනය සිය කනස්සල්ල හා කනගාටුව පළ කරන බව හෙතෙම පැවසීය.

සිවිල් වැසියන්ගේ ජීවිත බේරා ගැනීම, කලාපීය තත්ත්වය උග්‍ර වීම වැළැක්වීම හා ද්වී රාජ්‍ය විසඳුම සහතික කිරීම වෙනුවෙන් කඩිනම් සටන් විරාමයක්  අවශ්‍ය බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම