ඇමරි‍කාව ප්‍රමුඛ සන්ධානය පළ කළ එකඟතා අනුව ක්‍රියා කළ යුතු බව ඉරාක ජනපති කියයි
2024-01-10 11:20:48
Share with:

ඇමරි‍කාව ප්‍රමුඛ සන්ධානය එකඟ වූ කරුණුවලට අනුකූලව ක්‍රියා කළ යුතු  බව ඉරාක ජනාධිපති Abdul Latif Rashid මහතා අවධාරණය කරයි.

හෙතෙම මේ බව කියාසිටියේ, එරට ඇමරිකානු තානාපතිනි Alina Romanowski මහත්මිය ඊයේ (9) හමු වූ අවස්ථාවේ දී ය. ඇමරි‍කාව ප්‍රමුඛ සන්ධානය පැමිණි එකඟතා අනුව ක්‍රියා කළ යුතු බවත්, එනම් ඉරාක ආරක්ෂක හමුදාවන්ට පුහුණුව සහ උපදේශන සහාය පමණක් ලබා දිය යුතු බවත් එම හමුවේ දී ඉරාක ජනපති පැවසීය.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම මැදපෙරදිග ස්ථාවරත්වයට බරපතල බලපෑමක් එල්ල කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව වගකීමෙන් යුතුව ක්‍රියා කරමින්, සංවාද ඔස්සේ කලාපීය තත්ත්වය ලිහිල් කිරීම ප්‍රවර්ධනය කළ යුතු බව ද ඉරාක ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම