ප්‍රංශ ජනපති නව අගමැති පත්කරයි
2024-01-10 10:31:20
Share with:

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා, එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස Gabriel Attal මහතා පත්කරයි. ඊයේ (9) සිදුකෙරුණු මෙම පත්කිරීමත් සමග නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා, අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. හිටපු අගමැතිනි Elisabeth Borne මහත්මිය පසුගිය 8 වැනිදා ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම  ප්‍රංශ ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබිණ. 

ප්‍රංශ මාධ්‍ය වාර්තාවලට අනුව, 34 හැවිරිදි Gabriel Attal මහතා මීට පෙර එරට ජාතික අධ්‍යාපන හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස සේවය කර තිබේ. ඔහු ප්‍රංශයේ ළාබාලතම අගමැතිවරයා යි.

Emmanuel Macron මහතා සමාජ මාධ්‍යයන් හි සඳහන් කර තිබුණේ, ප්‍රංශයේ ප්‍රතිසංස්කරණ සහ පුනර්ජීවන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී Gabriel Attal මහතාගේ හැකියාව සහ ධෛර්යය පිළිබඳව තමා විශ්වාස කරන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම