රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපති නියෝග
2024-01-09 15:12:59
Share with:

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ පාර්ලිමේන්තු සභාවාරය අද(9) ආරම්භ විය. රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය. මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයා  හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන්  ඔහුට  පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවද කතානායකවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද(9) සිට ලබන 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම