බෙයිජිංහි 2023 වසරේ ජාත්‍යන්තර තත්ත්වය සහ චීන රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය පැවැත්වේ
2024-01-09 17:25:24
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා අද (9) බෙයිජිං හි 2023 වසරේ ජාත්‍යන්තර තත්ත්වය සහ චීන රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයට සහභාගී වී දේශනයක් පැවැත්වීය.

2023 වසර චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය සඳහා පුරෝගාමී සහ අස්වැන්න නෙළන වසරක් බව වං යී මහතා පැවසීය. මහලේකම් ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ, චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය ශක්තිමත් රටක් ගොඩනැගීමට, ජාතිය පුනර්ජීවනය කිරීමට, ලෝක සාමය ආරක්ෂා කිරීමට සහ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට නව දායකත්වයක් ලබා දී ඇති බව හෙතෙම පැවසීය.

2023 වසරේදී චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ කැපී පෙනෙන කරුණු හයක් වං යී මහතා සමාලෝචනය කළේය. පළමුවැන්න නම්, චීන ලක්ෂණ සහිත  රටක රාජ්‍ය තාන්ත්‍රිකත්වය සඳහා නව ස්මාරකයක් නිර්මාණය කර ඇති විශිෂ්ට රාජ්‍ය නායකත්වයයි. දෙවැන්න පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ ශක්තිමත් ප්‍රගතිය වන අතර තුන්වැන්න “එක් තීරයක් එක් මාවතක්”තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය සාර්ථකව පැවැත්වීමයි. බ්‍රික්ස් යාන්ත්‍රණයේ ඓතිහාසික ව්‍යාප්තිය සිව්වැන්න යි. පස්වැන්න කලාපීය අසල්වැසි මිත්‍රශීලි සහයෝගිතාව සඳහා නව වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා චීන-මධ්‍යම ආසියානු සමුළුව සාර්ථකව පැවැත්වීමයි. සෞදි අරාබිය සහ ඉරානය අතර ඓතිහාසික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ උණුසුම් ස්ථාන පිළිබඳ  දේශපාලන ගැටළු සඳහා විසඳුම් සහිත නව ආදර්ශයක් සැපයීම හයවැන්නයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම