ඊජිප්තු සහ පලස්තීන නායකයෝ පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරති
2024-01-09 09:50:10
Share with:

ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi මහතා සහ පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා ඊයේ(8) Cairo නුවර දී පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ. 

ඊජිප්තු ජනාධිපති මන්දිරය පළ කළ නිවේදනයට අනුව, පලස්තීන ජාතික අධිකාරියේ තීරණාත්මක කාර්යභාරයේ වැදගත්කම දෙරටේ නායකයෝ එහිදී අවධාරණය කළ අතර, එහි ඵලදායීතාවයට සහාය වීම සඳහා සියලු පියවර ගත යුතු බව ද සඳහන් කළහ.

පලස්තීන ප්‍රශ්නය සාධාරණ හා සම්පූර්ණ ලෙස විසඳීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව සිය ඓතිහාසික, දේශපාලනික සහ මානුෂීය වගකීම් භාර ගැනීම අත්‍යවශ්‍යය. නැගෙනහිර ජෙරුසලම අගනුවර ලෙස ගෙන 1967 සීමාවන් මත පදනම්ව, ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම ඊට අයත් වන බව දෙරටේ නායකයෝ සඳහන් කළහ. පලස්තීන අරමුණට හානි කිරීමට හා පලස්තීනුවන් ඔවුන්ගේ භූමියෙන් පලවා හැරීමට දරන ඕනෑම උත්සාහයක් අවිවාදිතව ප්‍රතික්ෂේප කරන බව ද ඔවුහු සඳහන් කළහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම