වරින් වර පිළිබිඹු වන ඇමරිකාවේ චපල හැසිරීම
2024-01-09 10:55:29
Share with:

ඇමරිකානු යුද උපකරණ නිෂ්පාදන සමාගම් පහකට සම්බාධක පනවන බව චීන විදේශ අමාත්‍යාංශය පසුගිය 7වනදා ප්‍රකාශ කළේය. චීනය එවන් තීරණයක් ගෙන ඇත්තේ ඇමරිකාව මෑතකදී චීන තායිවාන ප්‍රදේශයට යළිත් ආයුධ අලෙවි කරන බවට කළ ප්‍රකාශයට හා විවිධ ව්‍යාජ හේතු මවා පාමින් චීන ව්‍යාපාර හා සමාගම්වලට සම්බාධක පැනවීමට ප්‍රතිචාරය වශයෙනි. එය ඇතැම් ඇමරිකානුවන් තායිවාන ප්‍රශ්නය මගින් චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට දරන උත්සාහයට බැරෑරුම් අනතුරු ඇඟවීමකි.

සම්බාධකයන්ට ලක් කෙරුණු ඇමරිකානු යුද උපකරණ නිෂ්පාදන සමාගම් පහ ඇමරිකාව විසින් මෑතකදී ප්‍රකාශයට පත් කෙරුණු තායිවාන ප්‍රදේශයට අවි අලෙවි ව්‍යාපෘතියට සම්බන්ධ සමාගම්ය. චීනයේ තායිවාන ප්‍රදේශයට ඇ.ඩො. කෝටි 30 වටිනාකමින් යුතු අවි අලෙවි කිරීම අනුමත කරන බව පසුගිය දෙසැම්බර් මස මැද භාගයේදී ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. වත්මන් ඇමරිකානු රජය බලය ලබා ගැනීමෙන් පසුව තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කරන 12වන අවස්ථාව මෙයය. ඇමරිකාවේ හැසිරීම, එකම චීනය මූලධර්මය, චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන උල්ලංඝනය කිරීමකි. චීන ඇමරිකා නායක දෙපළ සැන් ෆ්‍රැන්සිස්කෝ හි හමුවේදී ඇමරිකානු නායකයා දුන් ප්‍රතිඥාවටද එය පටහැනිය. තායිවාන ප්‍රශ්නය පිළිබඳව ඇමරිකානු පාර්ශ්වයේ චපලත්වය ඉන් යළි පිළිබිඹු වී තිබේ. 

මෙවර සම්බාධකයන්ට ලක් කෙරුණු ඇමරිකානු සමාගම් පහ චීනයේදී සහයෝගතා ව්‍යාපෘති ද පවත්වමින් සිටී. තායිවාන ප්‍රදේශයට අවි අලෙවිය හා සැසඳීමේදී චීන මහා ගොඩබිම සමග ආර්ථික සහයෝගතාවෙන් ඔවුන් ලද ප්‍රතිලාභ වඩාත් විශාල බවත් සම්බාධක හේතුවෙන් එම සමාගම්වලට සැබවින්ම හානි ගෙන දෙනු ඇති බවත් විශ්ලේෂකයෝ  පවසති.

ඇමරිකාව හා තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් අතර හමුදාමය බැඳීම් අඛණ්ඩව ශක්තිමත් වුවහොත්, චීනය වඩාත් දැඩි ප්‍රතිචාර  ගැනීමේ අවස්ථාව බැහැර කළ නොහැකි ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම