චීන-ඇමරිකා ජනතාව අතර මිතුදම තවදුරටත් තහවුරු කිරීමට චීනය පියවර ගනී
2024-01-09 17:35:25
Share with:

චීන-ඇමරිකා ජනතාව අතර මිතුදම තවදුරටත් තහවුරු කිරීමට චීනය පියවර ගනී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(09) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවා ය.

Peking විශ්වවිද්‍යාලයේ පිං පොං මේස පන්දු කණ්ඩායම, ඇරයුමකට අනුව පසුගිය දා ඇමරිකාවේ නිල සංචාරයකට එක්වූ බව Mao Ning මහත්මිය සඳහන් ක‍ළා ය. එහිදී පැවති පිං පොං තරගාවලියට හා එරට චීන තානාපති කාර්යාලය හා කවුන්සල කාර්යාල විසින් පැවැත්වූ  ද්විපාර්ශ්වික ‘ක්‍රීඩාමය රාජ්‍ය තාන්ත්‍රික භාවය’ පිළිබඳ සැමරුම් ක්‍රියාකාරකම්වලට එම කණ්ඩායම සහභාගී විය. Peking විශ්වවිද්‍යාලයේ පිං පොං කණ්ඩායමේ සාමාජිකයෝ 1971 වසරේ පැවති ‘ක්‍රීඩාමය රාජ්‍ය තාන්ත්‍රික භාවය’ නැමැති වැඩසටහනට එකල එක්වූවන්, සිසුන් හා එරට සාමාන්‍ය ජනතාව සුහද පිළිසඳරක ද නිරත වූහ. 

මීට අමතරව, ඇමරිකාවේ Virginia විශ්වවිද්‍යාලයේ පිං පොං කණ්ඩායම ඇරයුමකට අනුව චීනයේ නිල චාරිකාවකට එක් විය. ඔවුහු Tsinghua විශ්විවිද්‍යාලයේ දී ‘චීන-ඇමරිකා තරුණ පිං පොං හුවමාරු ක්‍රියාකරකම්’වලට ද සහභාගි වූහ.

දෙරට තරුණ පිං පොං නියෝජිත කණ්ඩායම් අන්‍යෝන්‍ය චාරිකාවන්හි නිරත වීමෙන් ‘ක්‍රීඩාමය රාජ්‍ය තාන්ත්‍රික භාවය’ට නව ජීවයක් එක්කර ඇති බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නා ය. ඇමරිකාව සමග එක්ව දෙරට ජනතාව අතර මිත්‍රත්වය තව තවත් තහවුරු කිරීමට චීනය සූදානම් බව ද ඇය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම