රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.5000ක් ජනවාරි වැටුපට
2024-01-09 15:14:23
Share with:

රාජ්‍ය සේවකයන්ගේ වැටුපට අප්‍රේල් මාසයේ සිට ගෙවන බවට අය වැයෙන් පොරොන්දු වූ රුපියල් දස දහසක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000ක් ජනවාරි මස සිට ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී තිබේ.

එමෙන්ම රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව සඳහා වෛද්‍යවරුන්ට ගෙවනු ලබන රුපියල් 35,000ක දීමනාව රුපියල් 70,000 දක්වා වැඩි කිරීමටත්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට ගෙවනු ලබන අධ්‍යයන දීමනාව සියයට 25ක් දක්වා වැඩි කිරීමටත් මෙහිදී අනුමැතිය පළ වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස මෙම යෝජනා කැබිනට් මණ්ඩලටය ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනා මේ මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම