ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා පවසයි
2024-01-09 10:13:38
Share with:

එක්සත් අරාබි එමිර් රාජ්‍ය ජනාධිපති Mohammed bin Zayed Al Nahyan මහතා හා ඇමරිකා රාජ්‍ය ලේකම් Antony Blinken මහතා ඊයේ(8) Abu Dhabi නුවරදී හමු වූහ.

Mohammed bin Zayed Al Nahyan මහතා එහිදී පැවසුවේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එහි වැසියන්ට බාධා රහිතව අඛණ්ඩ මෙන්ම සුරක්ෂිත මානවහිතවාදී සහනාධාර සපයමින් බලාත්කාරයෙන් වැසියන් සංක්‍රමණය කිරීම වැළැක්විය යුතු බව ද ඔහු කීය.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම උග්‍ර වීමෙන් කලාපයේ ආරක්ෂාවට තර්ජන එල්ල වීම වැළැක්විය යුතු අතර කලාපීය ස්ථාවරත්වය, ආරක්ෂාව හා තිරසර සාමය සාක්ෂාත් කිරීමේ ක්‍රමවේදයන් සෙවීමට විවිධ පාර්ශ්වය පොදුවේ උත්සාහ දැරිය යුතු බවට එම හමුවේදී දෙපාර්ශ්වය අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම