මහ මැතිවරණයේ සාර්ථකත්වයට සහ පාලක පක්ෂයේ ජයග්‍රහණයට චීනයෙන් බංග්ලාදේශයට සුබ පැතුම්
2024-01-09 16:23:38
Share with:

නියමිත පරිදි මහ මැතිවරණය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් චීනය බංග්ලාදේශයට සුබ පතන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවාය.

මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳව චීනය බංග්ලාදේශයේ පාලක අවාමි ලීගයට සුබ පතන බව ඇය ප්‍රකාශ කර ඇත. මිත්‍ර අසල්වැසියෙකු ලෙස, චීනය නීතියට අනුකූලව විවිධ පශ්චාත් මැතිවරණ දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාමේදී බංග්ලාදේශයට ස්ථීරව සහාය දක්වයි. අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්ම මත සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නව බංග්ලාදේශ රජය සමඟ කටයුතු කිරීමට චීනය කැමති බව Mao Ning මහත්මිය පැවසුවාය. ඒ අතරම, බංග්ලාදේශය සමඟ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ උසස් ඒකාබද්ධ ඉදිකිරීම් ගැඹුරු කිරීමටත්, නව සහ විශාල සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා චීන-බංග්ලාදේශ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ප්‍රවර්ධනය කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ඇය පැවසුවාය

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම